ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා ජාතික ආණ්ඩුවක් සඳහා එකඟත්වය පළ කරමින් පසුගිය සිකුරාදා (8දා) එකඟතා ගිවිසුමකට එළැඹුණත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වෙනත් අර්ථ කථන ඉදිරිපත් කරන බව මේ වනවිට පැවසෙයි.
මෙවර ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රතිශයක් ලබාගෙන සිටින අෂ්රෆ් ඝානි පවසා සිටින්නේ, අත්සන් කෙරුණු ගිවිසුම මගින් බලය පංගු කෙරෙන ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාවක් ඇති නොවූ බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රතිවාදියා වන අබ්දුල්ලා අබ්දුල්ලා පවසන්නේ, එය බලය බෙදා ගැනීමේ ගිවිසුමක් වන බවයි.
මෙම ගිවිසුමට එළැඹීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ මැදිහත්වීමෙන් සිදුවිය.
ඇෆ්ගනිස්තානය සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව දේශපාලන නායකයන් දෙදෙනාම පිළි ගත්තත් ඔවුන් සමග සිටින ආධාරකරුවන් විශාල පිරිසක් ජාතික ආණ්ඩුවකට එරෙහිවූවන් හේතුවෙන් මෙම කඹ ඇදීම සිදුවන බව කියැවෙයි.