ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
ඉන්දීය මැතිවරණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි ප්‍රාන්තයේ ආසන 126න්, ආසන 60ක බලය බී.ජේ.පී. පක්ෂය දිනාගෙන ඇති අතර, කොංග්‍රසයට හිමිව ඇත්තේ ආසන 25ක් පමණි.
මේ අතර, තමිල්නාඩු, කේරල, බටහිර බෙන්ගාල් යන ප්‍රාන්තවල මෙන්ම, පොන්ඩිචෙරි සමූහ බල ප්‍රදේශයේද මෙවර මැතිවරණය පැවැත්විණි.
එහිදී, අනෙක් සියලු ප්‍රාන්තවල පරාජය ලැබූ බී.ජේ.පී. පක්ෂය ඇසෑම් බලය තහවුරු කරගනු ලැබිණි.