සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරය කේන්ද්‍ර කරගනිමින් ගුවන් මගින් බැරල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණාගාරය ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය සාමාන්‍ය වැසියන් බව කියැවෙයි. මියගිය පිරිස අතර දරුවන් හා කාන්තාවන් විශාල පිරිසක් සිටින බවද කියැවෙයි.
අසාද් හමුදාව හා කැරලි හමුදාව අතර වඩාත් දරුණු සටන් ඇවිලෙන ස්ථානය ලෙස ඇලෙප්පෝ හැඳින්වෙයි.
වසර තුනක කාලයක පටන් ඇදී යන සිරියානු ගැටුම්වලදී අසාද් හමුදාව විසින් බැරල් බෝම්බ හා ස්කඩ් මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිසා සාමාන්‍ය වැසියන් දහස් ගණනින් මරණයට පත්ව ඇත. පුපුරන ද්‍රව්‍ය පිරවූ බැරල් ලෙසින් පතිත කරන බැරල් බෝම්බ යුද්ධයකදී අතිශය දරුණු අවියක් වන අතර, මෙය මානව හිමිකම් සංවිධාන විසින් තරයේ හෙළාදැක ඇති අවියක් බවද කියැවෙයි.