ඇල්ජීරියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරින් තුවාල ලැබූ පිරිස 78ක් බව විදෙස් වාර්තා පවසයි.
ඇල්ජීරියාවේ බොවුඩුආවු නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ නැගෙනහිර ඇල්ජීරියාවේ සෙටිෆ් වෙත ගමන් කරනමින් තිබූ දුම්රියක්, තෙනානි නගරය බලා පැමිණෙමින් තිබූ දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙනි.
තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් වාර්තා පවසයි.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන බව ඇල්ජිරියානු දුම්රිය බලධාරීහු පවසති.