ඉක්වදෝරයේ ඇමේසන් ආශ්රිත යසූනි ජාතික වනෝද්‍යානයේ තවදුරටත් ඛනිජතෙල් කැණීම් කටයුතු වෙනුවෙන් ලබාදෙන්නේද යන්න විවාදයට බඳුන් කරමින් ඒ සඳහා ජනමත විචාරණයක් ලබාගැනීමේ අරමුණ ඇතිව හැකි තරම් ජනතා අත්සන් එකතුකර පෙත්සමක් ඉදිරිපත් කිරීමට එරට පරිසර සංවිධාන කටයුතු කරමින් සිටියි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඔවුන්ගේ ජනතා පෙත්සම වෙනුවෙන් 727,947 දෙනෙකු සිය අත්සන යොදා ඇති බවයි.
කෙසේ වෙතත් ඉක්වදෝර ජනාධිපති රෆායෙල් කොරෙයා පවසා සිටියේ ජතික වනෝද්‍යානය ආශ්‍රිතව යම් හෝ තෙල් කැණීමක් කරන්නේ නම් එය රටේ දිළිඳු බවට සහනයක් වෙනුවෙන් සිදුකරන්නක් බවයි.
නමුත්, පරිසර සංවිධාන අවධාරණය කරමින් කියා සිටින්නේ මෙම තෙල් කැණීම හරහා වනෝද්‍යානයේ බොහෝ ජෛව විවිධත්ව කොටස්වලට බරපතල හානියක් පැමිණ ඇති බවයි.
මෙම පෙත්සමට අත්සන් ගැනීමේ කර්තව්‍යයට පරිසරවේදීන්ගෙන් සහ ස්වදේශීක කණ්ඩායම්වලින් සැදි සංවිධානයක් වූ යසුනිඩෝස් සංවිධානය මූලිකත්වය ගෙන ක්‍රියා කරයි.