ඇමෙරිකාවේ පොලිස් වෙඩි පහරින් තවත් කළු ඇමෙරිකානු තරුණයෙකු මියයෑමත් සමග ඇමෙරිකාවේ මිසුරි ප්රාන්තයේ පොලීසිය හා උද්ඝෝෂකයන් අතර දරුණු ගැටුම් ඇති වී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී පොලිස් වෙඩි පහරින් මියිකල් බ්රවුන් නමැති තරුණයා මිය යෑමෙන් පසුව ඇමෙරිකාව තුළ වර්ණභේදවාදී ගැටුම් ඇති විය.
සෙන්ට් ලුයිස් හි බදාදා අලුයම් කාලයේදී මෙම වැඩි තැබීම සිදුව ඇති අතර, අනතුරුව උද්ඝෝෂකයන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී තිබේ.
කෙසේ වෙතත් සෙන්ට් ලුයිස් පොලීසිය පවසන්නේ ඉන්ධන පිරවුම් හලක් අසලදී මෙම තරුණයා පොලිස් නිලධාරීන් වෙත පිස්තෝලයක් එල්ල කිරීමෙන් පසු පොලීසිය තම ආත්මාරක්ෂාව වෙනුවෙන් මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි.