ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම්වරයා වන ජේම්ස් මැටිස් සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස දකුණු කොරියාව වෙත පැමිණ තිබේ.
එය ට්‍රම්ප් දේශපාලන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සිදුකළ ප්‍රථම විදෙස් සංචාරය වීමද විශේෂත්වයකි.
මෙම සංචාරයේදී ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා තහවුරු කර ඇත්තේ උතුරු කොරියාවෙන් මුහුණ දීමට සිදුවන අවදානම් සම්බන්ධයෙන් ඇමෙරිකාව අඛණ්ඩව දක්වන අවධානයයි.
ට්‍රම්ප් සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සමයේදී දකුණු කොරියාවට හා ජපානයට චෝදනා කළේ ඔවුන් ඇමෙරිකාවෙන් ලැබෙන හමුදා සහාය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන ආකාරයේ අවධානයක් යොමු නොකරන බවයි.