ඇමෙරිකාවේ ටෙක්සාස් හි සිරමැදිරියක් තුළ මියගොස් සිටි සැන්ඩ්‍රා බ්ලැඩ්ගේ අවමංගල්‍යය උත්සවයට විශාල පිරිසක් පසුගියදා ඉලිනොයිස් ප්‍රාන්තය වෙත රැස්ව සිටියහ.
28 හැවිරිදි සැන්ඩ්‍රා සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබුණත්, ඇගේ පවුලේ ඥාතීන් තවත් මරණ පරීක්ෂණයක් ඉල්ලා තිබුණි.
පසුගිය ජූලි 13 වැනිදා ඇය අත්අඩංගුවට පත්ව දින තුනකින් පසු මෙම මරණය සිදුව තිබුණු අතර, මෙය කළු ජාතිකයන් ඉලක්ක කළ තවත් වර්ගවාදී ඝාතනයක් ලෙස හුවාදක්වා තිබුණි.
මාර්ගයේ මංතීරු මාරු කිරීමේදී විදුලි සංඥා නොදැමීමේ වරදට පොලීසිය නැවැත්වීමේදී ඔවුන් සමග වාදයට පැටලීම හේතු කොටගෙන ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.