ඇමෙරිකාවේ උසම වේල්ල ලෙස ප්රකට ඔරෝවිල් වේල්ල බිඳීයාමේ අවදානමක් හේතුවෙන් උතුරු කැලිෆෝනියාවේ වෙසෙන ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබේ.
අඩි 770ක් උසින් යුතු මෙම දැවැන්ත වේල්ල ඉදිකර ඇති ඔරෝවිල් ජලාශය ආශ්රිතව පසුගිය දිනවල ඇදහැලුණු දරුණු වර්ෂාපතනයත්, ඉන් අනතුරුව බලපෑ හිම පතනයත් හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබුණි.
පැවති නියඟය අවසන් කරමින් ඇති වූ මේ තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගෙන තිබුණේ වේල්ලේ සිදුරක් ඇතිවීමත් සමගිනි.
ඒ අනුව, මේ වනවිටත් ජලය වාන් දමමින් පවතින මේ දැවැන්ත වේල්ල බිඳීයාමේ අවදානමක් පවතින අතර, ජනතාවට මෙය හදිසි තත්ත්වයක් බව අවධාරණය කරමින් ඔවුන් ලහි ලහියේ ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසා තිබුණි.
දශක 5කට පසුව ඔරෝවිල් ජලාශයේ හදිසි වාන් දැමීමක් සිදුවූ ප්රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වෙයි.