ඇමෙරිකාව තුළ සිදුකළ නවතම භූවිද්‍යා සමීක්ෂණයකට අනුව එරට නැගෙනහිර වෙරෙළ කලාපයේ පෙරට වඩා භූ කම්පන ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව තහවුරු කරගෙන තිබේ.
2008 වසරින් පසුව යාවත්කාලීන කරන ලද භූ විද්‍යා සමීක්ෂණ සිතියමකට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙන අතර, සාමාන්‍යයෙන් එරට බටහිර වෙරළ කලාපයේ භූ කම්පන සඳහා වැඩි අවදානමක් පැවතියත්, නැගෙනහිර කලාපයද මේ වනවිට වැඩි අවදානමක් පෙන්වා ඇත.
ඒ අනුව, මීට පෙර පළ වූ සිතිමයට වඩා නව සිතිමයට අනුව ඇමෙරිකානු නැගෙනහිර වෙරළ කලාපයේ වඩාත් විශාල හා වැඩි හානියක් සිදුකළ හැකි භූ කම්පන ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කරන බව කියයි.
2011 වසරේදී නැගෙනහිර වෙරළ කලාපයේ එවැනි දැවැන්ත භූ කම්පනයක් සිදුවූ අතර, එය රික්ටර් මාපකයේ 5.8ක් ලෙස සටහ්න විය.
මෙම නවතම තත්ත්වය අනුව ඇලස්කා, හවායි, ඔරිගොන් සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත භූ කම්පනයන්ගේ වැඩිම බලපෑමට ලක්වන ප්‍රාන්ත ලෙස පෙන්වා දී තිබේ.