ඇමෙරිකානු ජනතාවට එල්ලවී ඇති ත්‍රස්ත අවදානම පිටුදැකීමේ බලාපොරොත්තුවෙන් දැඩි මුස්ලිම් රාජ්‍යයන් කිහිපයකින් ඇමෙරිකාව වෙත පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීමේ විධායක තීරණයකට ජනපති ට්‍රම්ප් අත්සන් තැබීමට සූදානම් බව වාර්තා වේ.
ඒ අනුව, සිරියාව ඇතුළුව තවත් මැදපෙරදිග හා අප්‍රිකානු රටවල් කිහිපයකින් පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීම ඇමෙරිකානු නව ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත.
අදාළ රටවල අමතරව ඇමෙරිකාවට ඇතුළුවන සෙසු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන්ද තාවකාලිකව දැඩි සීමා කිරීමක් සිදුකිරීමට ට්‍රම්ප්ගේ විධායක නියෝගය හේතු වනු ඇති බවද සඳහන් වේ.
සිය මැතිවරණ ව්‍යාපාරය තුළදීද ට්‍රම්ප් පවසා සිටියේ ඇමෙරිකාව ජිහාඩ් ප්රහාරයන්ගෙන් මුදාගැනීම සඳහා එරටට මුස්ලිම්වරුන් ඇතුළු වීම තාවකාලිකව වැළැක්විය යුතු බවයි.
විශේෂයෙන්ම බරැක් ඔබාමාගේ පාලන සමයේදී සිරියානු සරණාගතයන්ට ඇමෙරිකාව තුළ දොරගුළු විවර කිරීම තුළ එරට ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ බව ට්‍රම්ප් ආධාරකරුවන්ගේ ප්‍රබල චෝදනාව විය.