යුක්රේනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් කරන ලද ප්‍රකාශයක් අනාවරණය වීමෙන් ලෝක දේශපාලනය යළි උණුසුම් වී තිබේ.
ඇගේ දුරකථන සංවාදයකට රහසේ සවන්දී එය පටිගත කොට ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු මේ අවුල ඇතිවිය. කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයක් ඇය කළ බව එක්සත් ජනපදයද ප්‍රතික්ෂේප කොට නැත.
ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් යුරෝපා සංගමය සම්බන්ධයෙන් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් දැඩි ප්‍රකාශයක් කිරීමත් සමග මේ උණුසුම තීව්ර වී තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වික්ටෝරියා නුලන්ඩ් සමාව ඉල්ලා සිටියද, ඒ සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර්වරිය කිසිවක් කියා නොතිබිණි.
එම දුරකථන සංවාදය රුසියාව විසින් පටිගත කොට ඇති බවට ඉඟි කරමින්, එය රුසියාවේ පහත් හැසිරීමක් ලෙස ඇමෙරිකාව චෝදනා කර ඇති බවද කියැවෙයි.