ඇමෙරිකානු ජනතාවට උතුරු කොරියාවේ සංචාරය කිරීමේ තහනමක් පැනවීමට සුදානම් වීමක් අනාවරණය වෙයි.
උතුරු කොරියාවේ සංචාරයන් සංවිධානය කරන කොර්යෝ ටුවර්ස් සහ යන්ග් පයරනීර් ටුවර්ස් යන ආයතන දෙකම තහවුරු කර ඇත්තේ එළඹෙන ජූලි 27 වැනිදා මෙම තහනම ප්රකාශයට පත්කෙරෙනු ඇති බවයි.
එමෙන්ම, ඉන් දින 30කට පසුව එය ක්රියාවට නැංවෙනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ අතර, ඇමෙරිකානු බලධාරීන්ද මෙම තහනම පිළිගෙන ඇති අතර, උතුරු කොරියාවේ බන්ධනාගාරගතව සිට පසුව අසනීප තත්ත්වයෙන් යළි ඇමෙරිකාවට එවා ජීවිතක්ෂයට පත්වූ ඔටෝ වෝම්බියර් සිසුවා සම්බන්ධ සිදුවීමත් සමග මෙම තිරණයට පැමිණි බව පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙය ක්රියාවට නංවන දිනයක් හෝ එහි වැඩිදුර තොරතුරු එම බලධාරීන් ප්රකාශ කර නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
.jpg)