ඇමෙරිකානු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසුගියදා රහසේම සිරියාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ජෙනරාල් ජෝසෆ් වොටෙල් මෙසේ උතුරුදිග සිරියාව වෙත පැමිණ ඇති අතර, ඔහු පැය 11ක පමණ කාලයක් එහි රැඳී ඇති බවද කියැවෙයි.
කුර්දි හා අරාබි කැරලි සටන්කරුවන්ගෙන් සමන්විත සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාවේ (SDF) නායකන් මෙන්ම, සිරියාවේ සිටින ඇමෙරිකානු විශේෂ බලකා උපදේශකයන් හමුවෙමින් ඔහු මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකාව මෙම හමුදාවන් යොදාගනිමින් එරට තුළ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරමින් සිටියි.
මෙම හදිසි සංචාරයෙන් පසුව ඇමෙරිකානු හමුදා ජෙනරාල්වරයා පවසා සිටියේ, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පරාජයට පත්කිරීම සඳහා ප්‍රාදේශීය සටන්කරුවන් පුහුණු කර යොදාගැනීම වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් බවයි.