ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රාජ්ය ලේකම් ධුරය සඳහා රෙක්ස් ටිලර්සන් වෙනුවෙන් වූ ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
එක්සන් මොබයිල් සමාගමේ ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන ධන කුවේරයෙකු වන රෙක්ස් මේ සමගම ඩොනල්ඩ් ට්රම්ප් පාලන අධිකාරියේ නව රාජ්ය ලේකම් ධුරයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
ඔහු රුසියාව සමග ව්යාපාරික සබඳතා පවත්වන්නෙකු බවට චෝදනා එල්ල වීමත් සමග ටිලර්සන්ගේ පත්වීම සම්බන්ධයෙන් මතභේද හටගත් අතර, මේ තත්ත්වය තුළ ඔහුගේ පත්වීම සඳහා වූ විදේශ සබඳතා කමිටුවේ රිපබ්ලිකන් සභිකයන් 11 දෙනාම ඔහුට පක්ෂව ඡන්දය ප්රකාශ කරද්දී, ඩිමොක්රටික් සභිකයන් 10 දෙනාම ඔහුගේ පත්වීමට එරෙහිව ඡන්දය ප්රකාශ කළහ. ඒ අනුව, මෙම පත්වීම සමස්ත සෙනට් මණ්ඩලය වෙතම යොමුවීමට නියමිතව තිබුණි.
ආරම්භයේදී ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් සෙනට් සභිකයන්ගෙන්ද යම් විරෝධයක් මතු වුවත්, අවසාන මෙහොතේදී ඔහුට එරෙහිව නැග ආ රැල්ල මැඬපැවැත්වීමට ටිලර්සන් සමත් විය.