ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන දහරාවේ මාධ්‍යවල හැසිරීම විරුද්ධ පක්ෂයක හැසිරීමට සමාන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටෙෆන් බැනන් පවසයි.
බැනන් වැඩිදුරටත් පවසන්නේ මෙම ප්‍රධාන දහරාවේ මාධ්‍ය මේ වනවිටත් ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළ අමාරුවේ වැටී ඇති බවයි. එමෙන්ම, ඔවුන් සිනහවට ලක්ව ඇති බවත් බැනන් පවසා ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
"ඔබයි විරුද්ධ පක්ෂය. ඩිමොක්රටික් පක්ෂය නොවෙයි. මාධ්‍යයයි විරුද්ධ පක්ෂය" යනුවෙන් ඔහු සිය අදහස් දැක්වීමේදී පවසා තිබේ.
"ඔවුන්ට මේ රට තේරුම් ගන්න බැහැ. ඒ වගේම, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වූයේ ඇයිද යන්න ඔවුන්ට තවමත් තේරුම් ගන්න බැහැ. ඒකයි ඔබට බලයක් නැත්තෙ. ඒකයි ඔබ සිනහවට ලක්වන්නෙ" යැයි බැනන් වැඩිදුරටත් පවසා තිබේ.
බැනන් වැඩිදුරටත් පවසන්නේ මාධ්‍ය තමන්ගේ කට වසාගෙන යම් කාලයක් සිදුවන්නේ කුමක්දැයි බලා සිටීම වැදගත් බවයි.