ඇමරිකාවේ චාර්ලට් නගරයේදී පොලීසිය විසින් කළු ජාතික කීත් ලෙමන්ට් ස්කොට් වෙඩි තබා ඝාතනය සිද්ධිය මුල් කරගෙන ඇති වූ උද්ඝෝෂණ සහ කලහකාරී ගැටුම් උත්සන්න වීම නිසා උතුරු කැරොලිනා ප්රාන්තයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇත.
එහිදී, කෝපයටපත් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර දරුණු ගැටුම් ඇති වූ අතර, අළුයම වනවිට පිරිස් විසර ගිය බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලිමර්ධන ජාතික ආරක්ෂක බලකායක්ද නගරය වෙත කැඳවා තිබුණි.
පොලීසිය පවසන පරිදි මෙම ගැටුම් අතරතුර සිවිල් වැසියෙකු බරපතල තුවාල ලැබුවත්, ඊට පොලීසිය කිසිලෙසකින් සම්බන්ධ නොමැති බවයි.
පොලීසිය පවසන්නේ මරා දැමුණු කළු ජාතික ස්කොට් එම අවස්ථාවේදී ගිනි අවියක් ඇතැතිව සිටි බවයි. කෙසේ වෙතත්, ඔහු ළඟ ගිනි අවියක් නොතිබුණු බව ඔහුගේ පවුලේ උදවිය චෝදනා කරයි.