ඇමෙරිකා එක්සත් ජනපදයේ නව නීතිපතිවරයා ලෙස ජනපති ට්රම්ප් යෝජනා කළ ඇලබාමා සෙනට් සභික ජෙෆ් සෙෂන්ස්ගේ පත්වීම සෙනට් මණ්ඩලය විසින් තහවුරු කර තිබේ.
මෙම පත්කිරීම සඳහා වූ ඡන්ද විමසීමට පෙර අතිශය උණුසුම් වාද විවාද සිදුව ඇති අතර, විශේෂයෙන්ම ඩිමොක්රටික් සෙනට් සභිකයන් ජෙෆ් සෙෂන්ස් සම්බන්ධ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අතීත සිදුවීම් සිහිපත් කරමින් විවාද කර තිබේ.
කෙසේ වෙතත්, පසුව පැවති ඡන්ද විමසීමේදී 52 ට 47ක් ලෙස වැඩි ඡන්ද 5කින් සෙනට් මණ්ඩලය ජෙෆ් සෙෂන්ස්ගේ පත්වීම තහවුරු කර තිබේ.
මෙම ඡන්ද විමසීම බොහෝ ලෙස පක්ෂ දෙකේ ඡන්ද මත සිදුවී ඇති අතර, එහිදී, බටහිර වර්ජීනියා ප්රාන්තයේ ඩිමොක්රටික් සෙනට් සභික ජෝ මැන්ෂින් පමණක් සෙෂන්ස් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබේ.
එහිදී, ජෙෆ් සෙෂන්ස් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමින් බහුතර ඡන්දය ලබාගෙන තිබේ.
මේ සමගම ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන 113,000කට අධික වෘත්තිකයන්ගේ ප්රධානියා බවට ජෙෆ් සෙෂන්ස් පතුවනු ඇත.