ඇමෙරිකානු කොංග්රස් නියෝජිතයන් පිරිසක් කියුබාවේ සංචාරයක් වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
දෙරට අතර සබඳතා යළි ඇති කිරීමේ එකඟත්වයෙන් පසු පැමිණි ප්රථම නියෝජිත කණ්ඩායම ලෙස ඔවුන් සැලකෙයි.
1961 වසරේදී බිඳ වැටුණු ඇමෙරිකානු හා කියුබා සබඳතා යළි ගොඩනැගීමට දෙරටේම නායකයන් පසුගියදා තීරණයකට එළැඹුණි.
මීට ප්රතිචාර දැක්වීමක් ලෙස පසුගිය සතියේදි කියුබාව විසින් දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු නිදහස ලබාදී තිබුණි.