වසර 40කට පසු ප්‍රථම වරට ඇමෙරිකානු ජනාධිපතිවරයාට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඇති අධිකාරී බලය ඇමෙරිකානු කොංග්‍රසයේ පරීක්ෂණයට බඳුන් වී තිබේ.
සෙනට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව යටතේ මෙම විභාග කිරීම සිදුවන්නේ න්‍යෂ්ටික අවි භාවිතයට අණ ලබාදීමේ අධිකාරී බලය යන මාතෘකාව යටතේය.
රිපබ්ලිකන් සභාපතිවරයෙකු සිටින මෙම කමිටුව පසුගිය මාසයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර සිටියේ ඇමෙරිකාව තෙවැනි ලෝක යුද්ධයක් වෙත කැඳවාගෙන යාමට පාර කපමින් සිටින බව පවසමිනි.
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික බලය තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින අවස්ථාවේදී ලෝකය මෙතෙක් නොදුටු ආකාරයේ රෞද්‍ර ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමත් සමග කොංග්‍රසය මේ ආකාරයෙන් කලබලයට පත්විය.
මෙම කරුණ සම්බන්ධයෙන් මීට පෙර කොංග්‍රසය විභාගයක් පවත්වා තිබුණේ වර්ෂ 1976 මාර්තු මාසයේදීය. එම විභාගය දින හතරක් පුරා පැවති බව කියැවෙයි.