ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ තෙවැනි නවාතැන ලෙස චීනය වෙත පැමිණීම සිදුවී තිබේ.
උතුරු කොරියාව සමග මතභේදකාරී වාතාවරණයක පසුවන ඇමෙරිකානු නායකයා, වත්මන් ලෝකයේ නැගීඑන බලවත් රාජ්‍ය ලෙස සැලකෙන චීනය වෙත පැමිණී වඩාත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග, ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් මෙන්ම, දියණිය ඉවන්කාද මෙම සංචාරයට එක්ව සිටී.
විශේෂයෙන්ම ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළෙඳ ගනුදෙනු වඩා වර්ධනය කරගැනීම මූලික වශයෙන් සලකා බැලෙන මෙම හමුවේදී උතුරු කොරියානු අර්බුයද කරලියට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, බීජිං නුවරට ළඟා වූ ඇමෙරිකානු නායකයා පිළිගැනීමට චීන ජනපති ෂී ජින්පින් විසින් අතිශය සුවිශේෂී පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබූ බව කියැවෙයි.
ඇමෙරිකානු ජනපතිවරයෙකු වසර 25කට පසුව ආසියාවේ සිදුකරන දීර්ඝතම සංචාරය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියාවේ රාජ්‍යයන් 5ක සංචාරය කරන අතර, මුලින් ජපානයට පැමිණි ඔහු පසුව දකුණු කොරියාවේද සංචාරය කළේය. චීනයට පැමිණීමෙන් පසුව ට්‍රම්ප් ප්රමුඛ දූත පිරිස පිලිපීනය සහ වියට්නාමය යන රටවල සංචාරය කරනු ඇත.