ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේදී පුද්ගලයන් හත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරට හේතුව සේවීම සඳහා පරීක්ෂණයක් සිදුකරන බව පැවසෙයි.
එම අවස්ථාවේදී දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කළ යුතු වේගය ඉක්මවා දෙගුණයක වේගයකින් ධාවනය කර ඇති බවත්, ඒ හේතුවෙන් දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවත් විශ්වාස කෙරෙයි.
පැයට සැතපුම් 50ක වේගයෙන් ධාවනය කළ යුතු මාර්ගයක පැයට සැතපුම් 106ක වේගයකින් ධාවනය කරමින් සිටියදී දුම්රිය රියදුරු තිරිංග යොදා ඇති බව එරට ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසයි.