ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මිලියන ගණනක පිරිසක් නීති විරෝධී ඡන්ද භාවිතයක් සිදුකර ඇති බවට ධවල මන්දිරයෙන් චෝදනාවක් නැඟෙයි.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක සීන් ස්පයිසර් පවසන්නේ ජනාධිපති ට්‍රම්ප් මෙය තරයේ විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, මෙය තත්වාකාරයෙන් ගෙනහැර දැක්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවමත් නොමැති බවද හෙතෙම පවසා තිබේ.
විශේෂයෙන්ම ජනප්‍රිය ඡන්දයේදී ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් විසින් මෙම අදහස කිහිප වරක්ම පවසන ලදී.
කෙසේ වෙතත්, මෙවැනි නීති විරෝධී ඡන්ද භාවිතයක් එවකට ඔබාමා පාලනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
නමුත්, වත්මන් ජනපති ලෙස ට්‍රම්ප් මෙය තරයේ විශ්වාස කරන බවත්, එය ඔහු වෙත ලැබුණු අධ්‍යයනයන් හා යම් යම් සාක්ෂි මත පිහිටා සිදුකරන ප්‍රකාශයක් බවත් ස්පයිසර් වැඩිදුරටත් පවසා තිබේ.