ඇමෙරිකාව යුද්ධයක් ප්‍රකාශයට පත්කර ඇති බවට උතුරු කොරියාව දක්වන ප්‍රකාශය අයුක්ති සහගත චෝදනාවක් බව පවසන වොෂිංටන් පාලනය, එම ප්‍රකාශය තරයේ හෙළා දැක තිබේ.
ඇමෙරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට තමන්ට අයිතියක් ඇති බවට උතුරු කොරියාව පවසන ප්‍රකාශයන් ප්රකෝපකාරී ප්‍රකාශ බවටත් ඇමෙරිකාව චෝදනා කරයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව හා උතුරු කොරියාව විසින් සිදුකරන දරුණු ප්‍රකාශ තුළ දෙපාර්ශ්වය තුළම අන්‍යෝන්‍ය විශ්වාසය පළදුවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ අතර, දකුණු කොරියාව පවසා සිටියේ මෙම දෙපාර්ශ්වය අතර ඇතිවන සටනක් කලාපය වෙතම බලපැවැත්වී පාලනය කළ නොහැකි මට්ටමකට වර්ධනය විය හැකි බවයි.
උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග්-හෝ පසුගිය සඳුදා දිනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ, "සියල ලෝ වැසියන් වඩාත් හොඳින් අවබෝධ කරගත යුතු තර්කය නම් ඇමෙරිකා එක්සත් ජනපදය අපට රටට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළා" යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පැමිණ සිටි උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව සමීපයේ තම ශිල්ප දක්වන විට, ඒවා උතුරු කොරියානු ගුවන් සීමාවේ නොවුණත්, එම යානා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ සහ උතරු කොරියාවේ විසින් පසුගිය කාලය පුරාවට ගෙනගිය උණුසුම්කාරී වාග් ප්‍රහාර සම්බන්ධයෙන් චීනය මෙන්ම රුසියාවද නොසතුට පළ කර ඇති අතර, කලාපයේ යුද උණුසුමක් ඇතිවීමට මෙම දෙරටම අවස්ථාවක් ලබා නොදෙනු ඇති බවද දේශපාලන විචාරකයෝ පවසති.