එදාමෙදා තුර වාර්තා වූ විශාලතම ග්ලැසියර බිඳීම ඇන්ටාක්ටිකාවෙන් වාර්තා වී ඇති අතර, එහිදී විශාල අයිස් තට්ටුවක් ඇන්ටාක්ටිකාවෙන් වෙන්ව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම දැවැන්ත අයිස් කුට්ටිය වර්ග කිලෝමීටර් 6,000ක පමණ පවසරියකින් යුතු එකක් බවද සඳහන් වෙයි.
ඇමෙරිකානු චන්ද්‍රිකා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වාදෙන පරිදි ලාසන් අයිස් කුට්ටිය ආශ්‍රිතව මෙම පැල්ම මීට දශකයක පමණ සිට විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, වර්ෂ 2014 සිට මෙම පැල්ම වේගවත් වූ බවත් මීටර් 200ක පමණ ඝනකමකින් යුතු මෙම අයිස් තට්ටුව ඉතා ඉක්මණින්ම ප්‍රධාන කොටසින් වැඩි ඈතකට නොයනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත්, සාගර දියවැල් හා සුළං ධාරා හේතුවෙන් මෙම අයිස් තට්ටුව ඇන්ටාක්ටිකාවේ උතුරු දෙසට ගමන්කළ හැකි බවත්, එය නාවික කටයුතුවලට යම් බලපෑමක් කරනු ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.