මොරොක්කෝවේ පෞද්ගලික පුණ්‍ය ආයතනයක් විසින් වියළි ආහාර සලාකයක් බෙදාදීමට පැමිණි අවස්ථාවේදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසවුරියා පළාතේ, සීඩි බොවුලාලම් නගරයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, සිද්ධියෙන් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
කාන්තා මළ සිරුරු රැසක් බිම වැටී තිබෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
වාර්ෂිකව මෙම ආහාර සලාකය බෙදාදීම සිදුවන බවත්, සාමාන්‍යයෙන් 8,000ක පමණ පිරිසක් ජීවත්වන නගරයේ විශාල පිරිසක් මෙය ලබාගැනීමට පැමිණෙන බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, මෙවර වෙනදාට වඩා වැඩි පිරිසක් පැමිණීමෙන් මෙම තදබදය ඇති වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රංශ පුවත් සේවය වෙත පවසා තිබේ.