වර්ධනය වන ආර්ථිකය තුළ ආදායම් විෂමතාවට පිළියම් සෙවීම සඳහා කටයුතු කරන බව කොංග්‍රසයේ වාර්ෂික කතාව සිදුකරමින් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අවධාරණය කළේය.
ඔබාමාගේ ආර්ථික ක්‍රමවේදය මධ්‍යම පාන්තික ආර්ථිකයක් ලෙස හඳුනාගැනෙන අතර, එහිදී වැඩි බදු පැනවීම් ධනවතුන් ඉලක්ක කෙරෙයි.
ඔහුගේ කතාව තුළ බදු ප්‍රතිපත්ති වෙනස්වීම, ප්‍රජා විද්‍යාල, අන්තර්ජාල පහසුකම්, සයිබර් ආරක්ෂාව සහ ලෙඩ නිවාඩු ආදී කාරණා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීම් සිදුවිය.
වැඩිවන ආදායම් හා අවස්ථාවන් සඳහා සියලු දෙනාට සාධාරණ අවස්ථාවක් පැවතිය යුතු බව ඔබාමා මෙහිදී අවධාරණය කළේය.