ඉස්ලාම් ලබ්ධිය වැළඳ ගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට නියම වී පසුව අන්තර්ජාතික බලපෑම් හමුවේ නිදහස ලැබූ සුඩාන ජාතික මේරිඈම් යහියා ඊබ්රාහීම් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණියාය.
පසුගියදා නිව් හැම්ප්ෂෙයර් වෙත ඇය ළඟා වූයේ ඇමෙරිකානු පුරවැසිභාවය හිමි සිය ස්වාමිය හා දරුවන් සමගිනි.
ඇගේ පැමිණීම සමරමින් ෆිලඩෙල්ෆියා හි උත්සවයක් සංවිධානය කර තිබූ අතර, එහිදී ෆිලඩෙල්ෆියා ආණ්ඩුකාරවරයා කියා සිටියේ ඊබ්රාහීම් ලෝක සාමය වෙනුවෙන් සටන් කරන්නියක වූ බවයි.
මෙම වසරේ මුල් භාගයේදී සුඩාන අධිකරණයකදී ඇය එල්ල මැරීමට තීරණය කෙරුණේ, එරට ප්රධාන ආගම හා ඇගේ පියාගේ ආගම වන ඉස්ලාම් ලබ්ධිය වැළඳ ගැනීම ඇය ප්රතික්ෂේප කිරීමත් සමගය.
එහිදී, සුඩානයේදී පියා ඉස්ලාම් ලබ්ධිකයෙකු වූයේ නම් ඇගේ දරුවන් වෙනත් ආගමක් වැළඳ ගැනීම මරණීය දඬුවමක් ගෙන දෙන්නක් බව කියැවෙයි.
නමුත්, තමා හදාවඩාගත් ක්රිස්තියානි ජාතික මෑණියන් නිසා තමන් කිසිකලෙක ඉස්ලාම් ලබ්ධිකයෙකු නොවූ බවත්, තමන් ක්රිස්තියානි ලබ්ධිකයෙකු වූ බවත් ඇය දිගින් දිගටම කියා සිටියාය.
කෙසේ වෙතත්, අවසානයේදී අන්තර්ජාතික බලපෑම් හමුවේ ඇය නිදහස් කිරීමට එරට අධිකරණය තීරණය කර තිබුණි.