අසර්බයිජානයේ, බාකු අගනුරව මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක් මහලකින් පමණක් යුතු මෙම මධ්‍යස්ථානය ගින්නෙන් දැවෙන දර්ශන එරට රූපවාහිනිය හරහා විකාශනය කර තිබුණි.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදාව සමත්ව ඇති බව කියයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය නොවුණත්, අසර්බයිජානයේ ජනාධිපතිවරයාද සිද්ධිය සිදුවූ ස්ථානය වෙත යෑමට නියමිත බව එරට මාධ්‍ය වැඩිදුරටත් පවසයි.