දකුණුදිග ඔස්ට්‍රේලියාවේ, අශ්ව ධාවන තරගයක් ආරම්භ වීමට පෙර අශ්වාරෝහකයා විසින් තමාගේ අශ්වයාට මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කරන දසුන හේතුවෙන් ඔහුට අශ්ව තරග තහනම් කර තිබේ.
22 හැවිරිදි ඩයිලැන් කැබෝෂ් නමැති අශ්වාරෝහකයා මේ ආකාරයෙන් අශ්වයාට පහර දී ඇත්තේ තරගය ආරම්භ වීමේ ස්ථානයට අශ්වයා ගෙනයෑම සඳහා බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුට මෙම තරග තහනම පැනවී තිබේ.
මේ ආකාරයේ අශ්ව ධාවන තරගවලදී සතුන්ට හිංසා කිරීම හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම එම තරග සංවිධානය කරන අධිකාරීන් විසින් කිසිසේත්ම අනුමත නොකරන බැවින්, මෙම අශ්වාරෝහකයාට මෙම තරග තහනම පැනවී ඇති බවද කියැවෙයි.