මියන්මාරයේ අවුන්සාන් සු කී ගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ නීතීඥ කෝ නී එරට යැන්ගොන් ගුවන්තොටුපොළේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් සංචාරයක් නිමා කරමින් යළි සියරට බලා පැමිණි අවස්ථාවේදී නීතීඥවරයාට ගුවන් තොටුපොළ අසලදී මෙම වෙඩි ප්‍රහාරය ඔහුගේ හිසම ඉලක්ක කරමින් එල්ල කර ඇති අතර, ඔහු ගමන් ගැනීමට පැමිණි ටැක්සි රථයේ රියදුරටද වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ ආකාරයේ ඝාතනයන් මියන්මාරය තුළ අතිශය දුර්ලභ වන අතර, මෙම ඝාතනයට කවර ආකාරයේ බලපෑමක් මත සිදුවූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
එරට ආරක්ෂක අංශ පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. නමුත්, වැඩිදුර තොරතුරු ලබාදීමක් සිදුව නොමැත.