මියන්මාර විරුද්ධ පක්ෂ නායිකා අවුන් සාන් සුඛී චීනයේ විශේෂ සංචාරයක් අරඹා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඇය චීන ජනපති ෂි ජින්පින් සහ අගමැති ලී කෙඛින්ග් හමුවී සාකච්ඡා කිරීමට නියමිත වුවත්, මෙම හමුව පිළිබඳ වැඩිදුර විස්තර වාර්තා නොවෙයි.
දේශසීමා සම්බන්ධයෙන් දෙරට අතර මතභේදකාරී තත්ත්වයක් පැවතියත්, පසුගිය වසර කිහිපයේදී එහි යම් සංසිඳීමක් දක්නට ලැබුණි.
චීනයේ යුනාන් ප්රාන්තය ආසන්න දේශසීමාවේ මියන්මාර කොකැන්ග් පළාත තුළ කැරලිකරුවන් සමග මියන්මාර හමුදා සටන් වදියි.