ලොව බලවත්ම හා සුපිරිම ධනවතුන් තමන්ගේ විශාල ධනස්කන්ධයක් බදු පාරාදීසයන්හි ආයෝජනය කර ඇති බව හෙළි කෙරෙන නවතම මූල්‍ය ලිපිගොනු හෙළිදරව්වක් පිළිබඳ වාර්තා වෙයි.
පැරඩයිස් පේපර්ස් යනුවෙන් නම්කර ඇති මෙම ලිපිගොනු හෙළිදරව්ව තුළ මිලියන 13.4ක පමණ ලිපිගොනු ඇති බවත්, ඒ අතර බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිනට අයත් පෞද්ගලික වතුයායන්වල තොරතුරුද පවතින බවත් කියැවෙයි.
මේ සමග පුද්ගලයන් සහ සමාගම් රැසක බදු සහ මූල්‍ය තොරතුරු හෙළිදරව් වීමේදී, බ්‍රිතාන්‍යයේ සමාගම් හා පුද්ගලයන් රැසක්ද මේ අතර සිටින බව සඳහන් වෙයි.
මෙහිදී, දේශපාලඥයන්, සුපිරි ධනවතුන්, විවිධ ක්ෂේත්රවල තරු බවට පත්වූ පුද්ගලයන් මෙන්ම, ඉතා ඉහළ ධනස්කන්ධයකට හිමිකම් කියන තනි පුද්ගලයන් ඔවුන්ගේ මුදල් තමන් ජීවත්වන රටේ බදු දැලෙන් සඟවීමටත්, තම කළු සල්ලි සුදු කිරීමටත් රටින් පිටත බදු පාරාදීසයන් ලෙස සැලකෙන බ්‍රිටිෂ් වර්ජින්, බහමාස්, පැනමා, සීෂෙල්ස්, සැමෝවා ආදී රටවල ආයෝජනය කිරීම කලක සිට සිදුව ඇති අයථා ක්‍රියාවලියකි.
ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung විසින් මෙවැනි බදු පාරාදීසයන් පිළිබඳ පළමු හෙළිදරව්ව සිදුකළ අතර, අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය පසුව මේ පසුපස ලුහුබඳිමින් සිටියි. පැනමා පේපර්ස් සිද්ධිය මීට කලකට පෙර ඉස්මතු වූයේද ඒ අනුවය.