අයුතු ලෙස බලය පාවිච්චි කිරීම ගැන තායි අගමැතිනිය අධිකරණය හමුවේ
බලය අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳව තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්රාට එල්ල වී ඇති චෝදනා විභාගයට ගැනීමේ අවස්ථාව වෙනුවෙන් අගමැතිනිය අද (6දා) බැංකොක් ව්‍යවස්ථාදායක අධිකරණය හමුවේ පෙනී සිටියාය.
සෙනෙට් සභිකයන් විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ලෙන් කියා තිබුනේ, 2011 වසරේදී ජාතික ආරක්ෂක ප්‍රධානියා අයුතු ලෙස මාරු කරමින් ඇයගේ පක්ෂය වාසි ලබාගත් බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් යින්ග්ලක් වැරදිකාරිය වුවහොත් ඇයට සිය අගමැති ධුරය මෙන්ම, වසර පහක කාලයක් දේශපාලනයද තහනම් කෙරෙනු ඇති බව පැවසෙයි.
2013 වසරේ සිට තායිලන්තයේ ඇතිවී තිබෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් රට තුළ දැඩි අරාජිකත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නාගරික හා මධ්‍යම පාන්තිකයන්ගෙන් සැදි බහුතරයක් විරෝධතාකරුවන්ට යින්ග්ලක් රජය පෙරලා දැමීඹට අවශ්‍යව ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

