ඇපල් අයිෆෝනයේ නවතම අයිෆෝන් 6 සහ 6එස් ප්ලස් ජංගම දුරකථන වෙළෙඳ පොළට පැමිණීම ඊයේ (25දා) සිට සිදුවෙමින් පවතී.
අයිෆෝන් 6 හි සාර්ථකත්වය සමග මෙම නව දුරකථනවලට හොඳ ඉල්ලුමක් පවතිනු ඇති බව ඇපල් සමාගම බලාපොරොත්තු වෙයි.
එමෙන්ම, මෙහි විශාලතම වෙළෙඳ පොළ වන චීනය තුළ පළමු සතිය තුළ දුරකථන මිලියන 12ත් - 13ත් අතර ප්රමාණයක් අලෙවි වනු ඇති බව ඇපල් සමාගම විශ්වාස කරන්නේ, 2014 දී අයිෆෝන් මිලියන 10ක් පළමු වැනි සතිය තුළ අලෙවි වීම නිසාය.
මේ අතර, සැන් ෆ්රැන්සිස්කෝ, ලන්ඩන් සිට සිඩ්නි දක්වා ලෝකයේ රටවල්වල ඇපල් ලොලීන් නව දුරකථනය අත්විඳීමේ බලාපොරාත්තුවෙන් පසුවෙන බවද විදෙස් වාර්තා පවසයි.
මෙම දුරකථනයද පසුගිය වසරේ නිකුත් කළ දුරකථනයේ ප්රමාණය තරම් වන අතර, වැඩිදියුණු කළ කැමරාව මෙන්ම ත්රිමාණ ස්පර්ශය හෙවත්, භාවිත කරන්නා තිරය ස්පර්ශ කරන තෙරපුම අනුව ප්රතිචාර දැක්වීමේ නවතම තාක්ෂණයකින්ද මෙවර දුරකථනය බලගැන්වී තිබේ.