ඇමෙරිකානු හමුද සෙබලෙකු ටෙක්සාස් හි ෆෝට් හුඩ් හමුදා කඳවුරේදී සිදුකළ වෙඩි තැබීමකින් තවත් සෙබලු හතර දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසෙයි.
34 වැනි වියෙහි පසුවන අයිවන් ලෝපාස් නමැති මෙම සෙබලා පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කළත් නිල වශයෙන් ඔහුගේ අනන්‍යතාව මාධ්‍යයට නිකුත් කර නොමැත.
හමුදා බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙම සෙබලා ඉරාකයේද සේවය කර ඇති අතර, ඔහු යම් මානසික ආබාධයකින්ද පසුවූ බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇත්තේ එය තම හදවත කම්පාකළ සිදුවීමක් බවයි.
මෙම හමුදා කඳවුරේදිම 2009 වසරේදී හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තවත් සෙබලු 13 දෙනෙකු මියගොස් 32 දෙදෙනෙකු තුවාල ලැබීය.