දේශසීමා ශක්තිමත් කරමින් ඇමෙරිකාව හා මෙක්සිකෝව අතර තාප්පය ඉදිකිරීම සඳහා වූ විධායක නියෝගය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගැනීමට නියමිතව තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ එරට ජාතික ආරක්ෂාව මෙන්ම, මෙක්සිකෝ තාප්පය සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක තීන්දු තීරණ රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ අතර, මැදපෙරදිග හා අප්‍රිකාව ආශ්රිත දැඩි මුස්ලිම් රාජ්‍යයන් හතකින් පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීමේ විධායක නියෝගයක්ද පවතින බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ ඉදිරි දින කිහිපයේදී ඇමෙරිකානු නව ජනාධිපතිවරයා විසින් ගනු ලබන විධායක නියෝග මත ඇමෙරිකාව වෙත සංක්‍රමණික පැමිණීම් බොහෝ සෙයින් සීමාවනු ඇති බවද විශ්වාස කෙරෙයි. මෙසේ සංක්‍රමණිකයන්ට තාවකාලික තහනමක් පැනවීමෙන් වසරකට 100,000 සිට 50,000 දක්වා සංක්‍රමණික පැමිණීම් අඩුවනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළ ට්‍රම්ප් පවසා සිටියේ, "හෙට දවසේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල සැලැස්මක් අද සිදුකළා. ඒ බොහෝ කාරණා අතර, අපි තාප්පය (මෙක්සිකෝ දේශසීමා තාප්පය) ඉදිකරනවා" යනුවෙනි.