අප්‍රේල් මස වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය පාකිස්තානයේ නගරයකින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ පසුගිය සඳුදා දිනයේ එරට නවාබ්ෂාහ් නගරයේදීය. පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන ආකාරයට එදින එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.2ක් ලෙස සටහන්ව ඇත.
එහිදී, මෙය පාකිස්ථානය තුළ අප්‍රේල් මස වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද තහවුරු කර තිබේ.
මෙම වාර්තාගත උෂ්ණත්වය පිළිබඳ දත්ත වර්ෂ 1930 දක්වා ඇදී යන අතර, මීට පෙර පාකිස්ථානයේ අප්‍රේල් මස ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ පසුගිය වසරේදීය. ඒ සෙල්සියස් අංශක 50.0ක් ලෙසිනි.
නවාබ්ෂාහ් නගරය මිලියන 1.1ක් පමණ ජනතාවක් වෙසෙන, සින්ධාහ් පළාතට අයත් නගරයකි. එරට අගනුවර වන කරච්චි නුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් නවාබ්ෂාහ් නගරය පිහිටා තිබේ.