රජයට සහාය දක්වමින් ඉස්ලාමාබාද් අගනුවර අධිවේගී මාර්ගයක් අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරෙන ඉස්ලාමීය අන්තවාදී පිරිස් පළවා හැරීමට තමන් සූදානම් බව එරට හමුදා පවසයි.
මෙම පිරිස් පළවා හැරීමට පළාත් බලධාරීන් මෙන්ම පොලීසිය අපොහොසත් වීමත් සමග හමුදා කැඳවීමට පාකිස්තාන රජය කටයුතු කළේය.
කෙසේ වෙතත්, හමුදාව නිකුත් කර ඇති නිවේදනයෙන් මෙම පිරිස් පාලනය සඳහා රජය ගෙන තිබූ ක්‍රියාමාර්ග විවේචනය කිරීමක්ද සිදුව ඇති අතර, මූලිකව මේ සඳහා නිවැරදි ආකාරයෙන් පොලීසිය යෙදවීමක් සිදුව නොමැති බවද කියා තිබේ.
මෙම ගැටුම් හේතුවෙනු පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙන අතර, තවත් 200ක් පමණ තුවාල ලබා ඇති බවද කියැවෙයි.
පාකිස්තාන අධිකරණ අමාත්‍යවරයා දේව අපහාසයක් සිදුකළේ යැයි පවසමින්, ඔහු අත්අඩංගුවට ගැනීමට බලකර මෙම අන්තවාදී පිරිස් මේ ආකාරයෙන් සති කිහිපයක සිට එහි කඳවුරු බැඳ සිටි බවත්, සෙනසුරාදා දිනයේ සිට ගැටුම් උත්සන්න වූ බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.