පවුලේ අවසරයකින් තොරව විවාහයක් කරගත්තේ යැයි චෝදනා කරමින් පාකිස්තාන කාන්තාවක ඇයගේ පවුලේ අය විසින්ම ගල් ගසා මරා දමා ඇති බව වාර්තා වෙයි.
මෙම මරණය වඩාත් විමතිය දනවන මරණයක් බවට පත්ව තිබෙන්නේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිටදීම ඇයව මෙසේ ගල් ගසා මරණයට පත්කර තිබීම හේතුවෙනි.
මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
මරා දැමුණු කාන්තාව නඩු විභාගයට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි.
මියයන විට මෙම කාන්තාව ගැබිණියක්ව සිටි බවද වාර්තා වෙයි.
කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.
පාකිස්තානයේ ඇතැම් ප්රදේශවල කාන්තාවන් සිය කැමැත්ත මත ස්වාමිපුරුෂයකු සොයා ගැනීම සංස්කෘතියට පටහැනි ක්රියාවක් සේ සලකමින් මේ ආකාරයේ ක්රෑර වද හිංසනයන්ට කාන්තාවන්ට යොමු වීමට සිදුව තිබෙන බව පැවසෙයි.