අධික වාහන තදබදයක් පවතින මාර්ගවලට ආසන්නයේ දිවි ගෙවන්නන්ගේ චිත්ත වික්ෂේපයක්, නැත්නම් මානසික රෝග ඇතිවීමේ ප්රවණතාවක් දැකිය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.
එම පර්යේෂණයට අනුව, දැනට වාර්තා වන චිත්ත වික්ෂේපය සම්බන්ධ තත්ත්වයන්ගෙන් 10%ක් පමණම අධික වාහන තදබදයක් සහිත මාර්ගවල සිට මීටර් 50ක් පමණ ඔබ්බෙන් ජීවත්වන පුද්ගලයන්ගෙන් වාර්තා වී තිබේ.
කැනඩාවේ ජීවත්වන මිලියන 2ක පමණ ජනතාවක් අරඹයා වසර 11ක් පුරා සිදුකළ මෙම පර්යේෂණයට අනුව අධික වායු දූෂණය හෝ අධික ශබ්ද දූෂණයක් සහිත වාහන තදබදය ඔවුන්ගේ මොළයේ ක්රියාකාරීත්වය පහළ දමා තිබේ.
දැනට ලෝකයේ ජීවත්වන මිලියන 50කට අධික ජනතාවක් චිත්ත වික්ෂේපයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.