ආර්ජන්ටිනා බලධාරීන් විසින් හඳුනාගත් සංඥා කිහිපය අතුරුදන්ව ඇති සබ්මැරීනයෙන් පැමිණි සංඥා විය හැකි බව විශ්වාස කෙරෙයි.
කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සමග මෙම සබ්මැරීනය පසුගිය බදාදා දිනයේ සිට අතුරුදන් වී තිබුණි.
ඒ.ආර්.ඒ. සැන් ජුවාන් සබ්මැරීනය සෙවීම සඳහා නාසා ආයතනයේ නිරීක්ෂණ ගුවන් යානයක සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීමටද එරට බලධාරීන් කටයුතු කර තිබේ.
වෙරළින් කිලෝමීටර් 430ක් ඔබ්බෙන් වූ සාගරයේදී ඩීසල් හා ඉලෙක්ට්‍රික් බලයෙන් ක්‍රියාත්මක මෙම සබ්මැරීනය අතුරුදන්ව තිබුණි.
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයද මෙම සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් සඳහා ආර්ජන්ටිනාවට සහාය වෙමින් සිටින අතර, එය මුහුදු පතුලේ සැඟව ගියේද යන්න සෙවීම මෙහෙයුම්වල අභිප්‍රාය වී තිබේ.
කෙසේ වෙතත්, එම කලාපයේ පවතින දැඩි සුළං හා රළු මුහුද සෝදිසි මෙහෙයුම් පමා කරමින් පවතින බවද බලධාරීහු පවසති.