කැටලෝනියා පළාතේ වෙනම පාලනයක් වෙනුවෙන් සටන් කළ එම පළාතේ අමාත්‍යවරුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව කැටලෝනියා ජනතාව දහස් ගණනින් උද්ඝෝෂණයකට එක්ව තිබේ.
පොදු අරමුදල් අවභාවිතය, කැරලි ගැසීම සහ රාජද්‍රෝහීවීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබුණි.
මේ අතර, බෙල්ජියමට පළාගොස් සිටින කැටලෝනියා පළාත් ජනාධිපති කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් අත්අඩංගුවට ගැනීම සඳහා යුරෝපා වරෙන්තුවක් ලබාගැනීම සඳහා ස්පාඤ්ඤ අභිචෝදකයන් උත්සාහයක නිරත වෙමින් සිටියි.
ස්පාඤ්ඤයෙන් වෙන්ව ස්වයං පාලනයක් බලාපොරොත්තුවෙන් කැටලෝනියාව මෑතකදී පැවැත්වූ ජනමත විචාරණයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග එම පළාත තුළ නිල වශයෙන් ස්වයං පාලනයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම අර්බුද උග්‍ර අතට හැරිණි.
එහිදී, ස්පාඤ්ඤය එම පළාත් රජය විසුරුවා හරිමින්, මෙම අත්තනෝමතික තීරණයට එළඹි පළාත් ජනාධිපතිවරයාද ධුරයෙන් පහකරනු ලැබීය. ඔහු බෙල්ජියම වෙත පළා යන්නේ ඒ අවස්ථාවේදීය.