නැගෙනහිර ඉන්දියාවේ, ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්, පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රහස්පතිනිදා සවස් කාලයේදී ගොඩ්ඩා දිස්ත්‍රික්කයේ වූ රජයේ පාලන ගල් අඟුරු පතලක මෙම අනතුර සිදුව තිබේ.
කෙසේ වෙතත්, පතල තුළ සිරවී සිටින සෙසු පිරිස මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් සිදුවන අතර, ඔවුන් ජීවතුන් අතර සිටිනු ඇති බව බලධාරීන් විශ්වාස කරයි.
ජාර්ඛාන්ද් යනු ඉන්දියාවේ විශාලතම ගල් අඟුරු පතල් පිහිටි ප්‍රාන්තයක් වන වුවත්, මෙම පතල් ආශ්රිත ආරක්ෂිත තත්ත්වය ඉතාම දුර්වල තත්ත්වයක පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ආර්.කේ. මුල්ලික් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ අනතුරින් පුද්ගලයන් 23 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.
