CIA ප්‍රධානී තනතුර සඳහා ප්‍රථම වරට කාන්තාවක් ?
එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානයේ අධ්යක්ෂ ධුරයට ප්‍රථම වරට කාන්තාවක් නම් කෙරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
හිටපු බුද්ධි අධ්යක්ෂ මයික් පොම්පේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ධුරයට පත් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමග හිස්වන බුද්ධි අධ්යක්ෂ ධුරයට එහි නියෝජ්‍ය අධ්යක්ෂ ධුරය හෙබවූ ජීනා හැස්පෙල් වෙත එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ සුක්ඛානම හිමිවනු ඇත.
කෙසේ වෙතත්, මේ සඳහා ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ.
තමන්ට ලැබුණු මෙම අවස්ථාව සම්බන්ධයෙන් නිහතමානීව ආඩම්බර වන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසා ඇත.
එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ වසර 30ක සේවා කාලයත්, පසුගිය වසරේදී මයික් පොම්පේ සමග නියෝජ්‍ය අධ්යක්ෂ ධුරය හෙබවීමට ලැබීමත් මට ගෞරවයක් වුණා. මේ අවස්ථාව මට පිරිනැමීම ගැන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මගේ කෘතඥතාව පිරිනමනවා. ඒ වගේම, මීළඟ බුද්ධි අධ්යක්ෂවරයා ලෙස මා ගැන විශ්වාසය තැබීම ගැන මට නිහතමානී ආඩම්බරයක් පවතිනවා." යැයි ඇගේ නිවේදනයේ දැක්වෙයි.
දශක තුනකට අධික සේවා කාලය තුළ නොයෙක් අවස්ථාවන්හි ඇගේ සේවය විවාදයට තුඩුදී තිබුණත්, බොහෝ බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම මධ්‍යම බුද්ධි ඒජන්සිය ඇයගේ සේවය නිරන්තර ඇගයීමට ලක්කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


