ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ඉන්දියාවේ ප්‍රකට යෝගාචාර්යවරයෙකු වන ගුරු බී.කේ.එස්. ලයෙන්ගාර් අවුරුදු 95ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
හදිසියේ රෝගාතුර වූ පසුගිය සතියේ රෝහල් ගත කිරීමෙන් පසු ඔහු අද උදෑසන කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෛද්‍යවරු පවසා ඇත්තේ වකුගඩු ආබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
තමන්ටම ආවේණික යෝග ක්‍රමයක් අනුගමනය කරමින් යෝග ප්‍රගුණ කළ ඔහුගෙන් යෝග අභ්‍යාස ඉගෙනීම සඳහා බටහිරින් ප්‍රකට පුද්ගයන් රැසක් පැමිණ ඇති බවද කියැවෙයි.
ඒ අනුව, ලයෙන්ගාර් යෝගා මේ වනවිට රටවල් 70කට අධික ප්‍රමාණයක ප්‍රකට අතර, යෝග ගුරු විසින් රචිත පොත්පත් භාෂා 13කට පමණ පරිවර්තනය කොට ඇති බවද කියැවෙයි.