IS ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන්ට එක්වීම සඳහා සිරියාවට පලාගොස් සිටින බ්‍රිතාන්‍ය කාන්තාව නැවත රට තුළට පැමිණීම වැළැක්වීමට හැකි බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා පවසයි.
තවත් මිතුරියන් දෙදෙනෙකු සමග සිරියාවට පලා යද්දී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වූ ෂමීමා බෙගම්, මේ වනවිට නවමස් ගැබිණියකි.
"මගේ පණිවිඩය පැහැදිලියි," යනුවෙන් පැවසු බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් තවදුරටත් කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තෙකු නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා තමා නොපැකිලිව කටයුතු කරන බවයි.
සිරියාවට පලා යාමෙන් අනතුරුව ඇයට ලැබුණු දරුවන් දෙදෙනෙකු රෝගාතුර වී මරණයට පත්වී ඇති බවත්, මේ වනවිට ඇයගේ කුසෙහි සිටින දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බවත් ඇය ටයිම්ස් පුවත්පතට ලබාදුන් සාකච්ඡාවකදී සඳහන් කර තිබුණි.
දැනට සිටින්නේ සිරියාවේ සරණාගත කඳවුරක සිටින ඇය වැඩිදුරටත් පවසා තිබුණේ, තමන් සමඟ සිරියාවට පලා ආ මිතුරියන් දෙදෙනාගෙන් අයෙකු බෝම්බ ප්‍රහාරයකට හසු වී මරණයට පත්වූ බවත්, අනෙක් තැනැත්තිය පිළිබඳ තොරතුරු නොමැති බවත්ය.
කෙසේ වෙතත්, තමා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වීම පිළිබඳව පසුතැවිලි නොවන බව ඇය තවදුරටත් ප්‍රකශ කිරීම තුළ ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ අයෙකු යළිත් රට තුළට ගැනීම ගැන බ්‍රිතාන්‍යයෙන්ම විරෝධයක් එල්ල වෙමින් තිබේ.