G20 රාජ්‍ය නායක සමුළුව ජපානයේ, ඔසාකා නගරයේදී අද (28දා) ලොව ප්‍රබල රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, ඉතාලිය, ඉන්දුනීසියාව, ජපානය, මෙක්සිකෝව, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය තුර්කිය, ආර්ජන්ටිනාව යන රටවල් මෙන්ම, යුරෝපා සංගමය මෙම G20 රාජ්‍ය නායක සමුළුවේ සාමාජිකත්වය දරයි.
මෙවර සමුළුවේ විශේෂත්වය ගන්නේ, එක්සත් ජනපදය සහ චීනය අතර ඇතිව තිබෙන වෙළෙඳ අර්බුදයට මෙන්ම, එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇතිව තිබෙන වෙළෙඳ අර්බුදයටත්, රුසියාවේ මැදිහත්වීම් මෙන්ම, බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියත් මෙම රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන සාකච්ඡා මේසයට පැමිණෙන බැවිනි.