ඔස්ට්‍රේලියානු ජාතික 99 හැවිරිදි පිහිනුම් ශූර සීයා කෙනෙකු නිදහස්ආර ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
මීටර් 50 නිදහස්ආර ඉසව්ව සඳහා මෙසේ ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තේ ජෝර්ජ් කොරෝන්ස් ය. ඔහු ඒ සඳහා ගත කර ඇති කාලය තත්පර 56.12කි.
වයස අවුරුදු 100 - 104 වයස් කාණ්ඩයේ සුවිශේෂී කඩඉමක් ලෙස සැලකෙන මෙය ක්වින්ස්ලන්තයේ පැවති පිහිණුම් තරගයකදී සිදුව තිබේ.
මීට පෙර 2014 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව තත්ත්පර 35කින් බිඳ හෙළීමට ජෝර්ජ් සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එළැඹෙන අප්‍රේල් මාසයේදී ඔහු 100 වැනි උපන්දිනය යෙදෙන නිසා ඔහු මෙම වාර්තාවට සුදුසුකම් කියනු ඇති බව පැවසෙයි. එමෙන්ම, මෙම දස්කම දැක්වූ ජෝර්ජ් මහත් උද්දාමයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.