මැලේසියානු සංචාරක බෝට්ටුවක් එරට වෙරළා සන්නයේදී පුද්ගලයන් 31 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව බලධාරීහු පවසති.
මැලේසියාවේ නැගෙනහිර ප්‍රාන්තයක් වූ සබාහ් වෙතින් පිටත් වූ බෝට්ටුව සමග පැවති සබඳතා බිඳ වැටී ඇති බවත්, එහි චීන සංචාරකයන් 28 දෙනෙකු සිටි බවත් මැලේසියානු බලධාරීහු වැඩිදුරටත් පවසති.
මැලේසියානු සමුද්‍රික බලාත්මක ඒජන්සිය පවසන්නේ බෝට්ටුව සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් අයහපත් කාලගුණය හේතුවෙන් අතිශය අසීරු වී ඇති බවයි.
මෙම විශාල බෝට්ටුව එරට වේලාවෙන් උදෑසන 9.00 ට පමණ කෝටා කිනාබාලු වරායෙන් පිටත් වී ඇති අතර, ඊට කිලෝ මීටර් 60ක් පමණ ඔබ්බෙන් වූ වඩාත් ජනප්‍රිය සංචාරක පාරාදීසයක් වූ පුලාව් මෙන්ගාලුම් වෙත එය ගනමන් කරමින් සිට තිබේ.
අවසන් වරට එම යාත්‍රාවෙන් හදිසි අවස්ථාවක් පිළිබඳ පණිවුඩයක් ලැබුණත්, ඉන් අනතුරුව සියලු සබඳතා බිඳ වැටුණු බව බලධාරීහු වැඩිදුරටත් පවසති.